සිංහලයන්ගේ පුදපුජාවන්ට ලක් වි ඇති මෑතකාලින සතරවරම් දෙවිවරු අතරින් රුහුණු ප්‍රදේශයේ වර්තමාන කතරගම නැමති ස්ථානයේ වැඞ සිටින බවට සලකනු ලබන කතරගම දෙවියෝ ප්‍රධාන ස්ථානයක් ගනි. (මෙම කතරගම දෙවියෝ මෑත කාලින මුලාශ්‍රවල කඳකුමරු, ස්කන්ධකුමරු, යන නම් වලින්ද එසේම කලාතුරකින් මහාසෙන්, යනුවෙන්ද සදහන්ව ඇත.) මෙම දෙවියන්ගේ ඇදහල්ලේ මුලාරම්භය ශ්‍රිලකාවේම සිදු වුවක්ද එසේ නැත්නම් භාරතිය පෞරාණික දේව ඇදහිලි අතර කාර්තිකේය නමින් හැදින් වු දෙවියන්ද යන්න විවාදාත්මකය. ස්කන්ධ දෙවියන් ගැන අපගේ මුලාශ්‍රවල ප්‍රථමවට සදහන් වන්නේ 2 කාශ්‍යප රජුගේ පුත්‍ර මාන නම් යුවරජුගේ ජේෂ්ඨ සහෝදර මානවට්ටා කුමාරයා ස්කන්ධ වරය ලබාගැනිමේ සිද්ධිය හා සම්බන්ධ කතා පුවතේය. කතරගම ස්කන්ධ දේවාලය පිළබද තොරතුර ලැබෙන්නේ 6 වනසියවසේආරම්භයේය. එනම් ජිනකාල මාලනියේ සිට වුවත් ලංකාවේ ස්කන්ධ දෙවියන්පිළිබද විශ්වාසය ර්ට වඞා තරමක් හේ ඈතට දිවයන්නකි.හින්දු විශ්වාස අනුව මොහු යුද්ධයට අදිපති දෙවියෙකිග සුරයන්ගේ හමුදාවේ යුද්ධ සේනාධි පතිවරයා වු මෙහු ශ්‍රිව හා පාර්වති දෙදෙනාගේ පුත්‍රයකුසේ සැලකේ. මෙරට වැසියන් අදහන පරිදි කඳකුමරුගේ භාර්යාවන් දෙදෙනා වන්නේ දේවසේනා හා වල්ලිඅම්මාය. මේ දෙදෙනා ඔහු සතු බලවේග දෙකක් වන්නේ ක්‍රියාශක්ති හා ඉච්ජාශක්තියයි. එසේම කතරගම දේවාලය හා සම්බන්ධ ඇසළ පෙරහැරද සුවිශේෂි වු අංගයකි. උත්සවයට දින 4 ,5කට පෙර කප්සිටුවිමේ මංග්‍යයට කනු කැපිමේ මංග්‍යයය පැවැත්වේ. පෙරහැර වතාවත් වල්ලි අම්මා දේවාලය හා සෘජුවමසම්බන්ධ වන අතරම මේවා ලිංගිකත්වය හා බඳි චාරිත්‍රයක් සේ සැළකේ. මෙයට වැදි ජනතාවගේද අංගයන් එකතුවිම තුළින් වල්ලිඅම්මා හා බැදි අතිත කතාවන් ඉස්මතු කරවයි.වර්තමාන පෙරහැරේ ඉදිරියෙන්ම සිටින්නේ ගිනිපාගත් පිරිසකි. වර්තමාන පෙරහැරේ අංග පුරාණයට සාපේක්ෂව වෙනස් වෙමින් පවතියි.