කුවේට් කුමාරි අක්කා අසරණ ගැහැනියකි. ඇය ජීවිත කාලය පුරාවට ඇය විඳි දුක් කම්කටොලු නිසා පීඩාවට පත්වී සිටින්නියකි. ඇයට ගීතයක් ගයනවා තියා වචන ටිකවත් කියා ගන්නට බැරිව සිටියත් ඇය සිතු සේ ඔහේ කියවා ඒ හරහා ඇගේ දුක තුනී කරගනිමින් සිටි පීඩිත පන්තියේ කාන්තාවකි.

අවාසනාවකට ඇයට උසුළු විසුළු කරන්නන්ගේ හඬ ඇය වටහා ගත්තේ ඇයට ඔල්වරසන් දෙන හඬක් ලෙසය. එම නිසා ඇයගේ තොර තෝංචියක් නැති සින්දු කියවීම තවත් වැඩි වූවා මිස අඩුවක් වුනේ නම් නැත.

කෙසේ වෙතත් ඇය ලබාගත් ප්‍රසිද්ධිය මත මහින්ද පාර්ශවයේ ජනාධිපතු අපේක්ෂක ලෙස ඇයව යෝජනා කර ඇතැයි ආරංචි වෙයි. ඒ ඇයගේ ප්‍රසිද්ධිය හරහා ඡන්ද ලබාගැනීමට හැකියාව පවතින නිසාය.

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර ඇය ප්‍රසිද්ධ චරිතයක් වන නිසාත්, දැනට සිටිනා දේශපාලකයන් සහ ඇගේ දේශපාලන දැනුම අතර එතරම් වෙනසක් නැති නිසාත්, මෙලෝ හසරක් නොදන්නා කුමාරි අක්කා වැනි කෙනෙකුව වටේ සිටින්නන්ට අල්ලේ නැටවිය හැකි නිසාත්, එම පාර්ශවයේ සිටින බොහෝ අයට වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන වැනි බරපතල චෝදනා ඇති නිසාත් මහින්ද පාර්ශවය මෙම තීරණය ගෙන ඇත.

මේ පිළිබඳව ඔවුන් කුමාරි අක්කාගෙන් විමසු විට ඇයද එක පයින් කැමැත්ත ලබා දී ඇතැයි වාර්තා වේ.