යාපනයේ නාවන්තිල් අම්මාන් කෝවිලේ පැවති භක්ති ගීත ප්‍රසංගයකට කඩා වැදුණු පිරිසක් භක්ති ගීත ගායනා කල පිරිසට පහර දී සංගීත භාණ්ඩ වලටද අලාභ හානි කිරීමත් සමගම දෙපිරිසක් අතර දැඩි ගැටුමක් හට ගෙන තිබෙනවා.

ගම්වාසීන් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමගම ඔවුන් පලාගොස් තිබෙනවා.

එම ස්ථානයට පොලීසිය වහාම පැමිණ ඇතත් කෝවිලේ අධික සෙනග හා ඔවුන් එකට කලවම් වී පලායාම නිසා පොලීසියටද ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අන්දමට කඩා වැදුණු පිරිස අධික ලෙස බීමත්ව සිටි බවත් ඔවුන් සිංහලෙන් කෑකෝ ගසමින් වහාම භක්ති ගීත නතර කරණ ලෙස තර්ජනය කල බවත් කෝවිලේ බාරකාර පූජකවරු කියා සිටිනවා.